දෙවන දිනටත් IMF සාකච්ඡා!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද ආරම්භ කෙරුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) යන මහත්වරු ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටි බව පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...