ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හා සජිත් ප්‍රේමදාස අතර හමුවක්!

Date:

කොළඹ LNW:ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (04)කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී සිදුවිය.

එහි දී සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙන අතර රටක් ලෙස පවතින බංකොලොත්භාවයෙන් නැවත ගොඩ ඒමට ඉන්දියාව මෙතෙක් ලබා දුන් සුවිශාල සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පුදකරන බව පවසා තිබුණි.

ඉදිරියටත් අප රට වෙනුවෙන් තවතවත් සහයෝගය සහ ආධාර, උපකාර ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ කියා තිබේ.

එසේම ළඟම අසල්වැසියා සහ දිගුකාලීන මිත්‍රයා ලෙසින් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් සම්බන්ධතාව ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා තමාට ද ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...