සුරාබදු කොමසාරිස්ට වැඩ වරදින ලකුණු!

Date:

කොළඹ LNW:චෝදනා එල්ල වී තිබෙන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නව රජය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර කැබිනට් මණ්ඩය ඒ සදහා අනුමැතිය ලබා දී තිබේ.

නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර (බාර් පරිමිට්) නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිය දී එම නියෝගයට පිටුපා සුරාබදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි ක්‍රියාකර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ.

එමගින් සුරාබදු කොමසාරිස්වරයා අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ගිහාන් ශවීන්ද්‍ර ප්‍රනාන්දු නමැති අය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර ඇත.

එම නඩුව විභාගයට ගැනීමට පෙර සුරාබදු කොමසාරිස්වරයා රටින් පිටව යෑමේ සූදානමක් ඇති හෙයින් ඔහු රටින් පලා යෑම වළක්වන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...