*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

අනුරගේ දෙසතිය රටේ ජනතාවට දැනෙන හැටි – අධ්‍යාපන සුදුසුකම් ප්‍රයෝගික මිනිසුන් බිහිකරයිද ? එජාප පලුවක්ම සජිත්ට ?නළුවන්ට කෙලවුණු හැටි – රමාල් යලිත් ලංගමයට – IMF ගැන එදා කතා අදටත් වලංගුද ? මහා බැංකු -මුදල් -අධ්‍යාපන ලොක්කෝ එක්ක මාලිමා ආණ්ඩුව කොයිබටද ? කොළඹ ජාත්‍යන්තර පාසලේ දිවි නසා ගැනීම් 

  • අනුරගේ දෙසතිය රටේ ජනතාවට දැනෙන හැටි
  • අධ්‍යාපන සුදුසුකම් ප්‍රයෝගික මිනිසුන් බිහිකරයිද ?
  • එජාප පලුවක්ම සජිත්ට ?
  • නළුවන්ට කෙලවුණු හැටි
  • රමාල් යලිත් ලංගමයට
  • IMF ගැන එදා කතා අදටත් වලංගුද ?
  • මහා බැංකු
  • මුදල් -අධ්‍යාපන ලොක්කෝ එක්ක මාලිමා ආණ්ඩුව කොයිබටද ?
  • කොළඹ ජාත්‍යන්තර පාසලේ දිවි නසා ගැනීම් 

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රීලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී මේ වන විට සති දෙකක පමණ කාලයක් ගතවී තිබේ. නව  ජනාධිපතිවරයා පත්වීමත් සමග සාමාන්‍ය  ජනතාව තුල මෙතෙක් පැවති අසහනකාරී එසේත් නැතිනම් පීඩනකාරී තත්වය මේ වන විට සමනය වී තිබේ. සාමාන්‍ය ජනතාව සිතන්නේ තමන්ගේ පන්තියේ අයකු රටේ බලයට පත්වී ඇති ලෙසටය. ජනතාව මාලිමාවට බලය දුන්නේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. එම නිසා එම බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම මාලිමාව මෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු වගකීමකි. 
විපක්ෂයේ සිටියදී කල කී දේ ප්‍රයෝගික වශයෙන් ඉටු කිරීමේ දැවැන්ත අභියෝගය අද අනුර හමුවේ පවතී. ආණ්ඩුවේ ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ජනතාව හඬ නගන්නේ එම නිසාය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගේ මේ සති දෙක තුල පැමිණි ගමන් මග දෙස බලනකල බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් ක්‍රියාමාර්ගයන්ය. වියත්මග වැනි පත් කිරීම් ය. අධ්‍යාපන සුදුසුකම් මත ලබාදෙන පත්වීම් වලටවදා ප්‍රයෝගික මිනිසුන් හෝ රාජ්‍ය සේවකයන් සමග එක්ව කටයුතු කල හැකි මිනිසුන් ප්‍රධාන තනතුරු වලට පත් නොකළහොත් මේ ක්‍රියාදාමය ප්‍රයෝගිකව සිදු කර ගෙන රට ඉදිරියට ගෙනයාම පහසු නොවනු ඇත.

                             ඉන්ධන මිල අඩු කල ප්‍රමාණය මදිලු – 

නව රජය ගොවි සහනාධාර වැඩි කර තිබේ. වසා දමන ලද මාර්ග විවෘත කර තිබේ. ඉන්ධන මිල අඩු කලද එය ජනතාව බලාපොරොත්තු වූ තරමට නොවේ. බස් ගාස්තුව අඩුවුයේ රුපියලකිනි. ගෑස් මිල අඩු වුයේ නැත. ආණ්ඩුව IMF සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මාලිමාවට ඡන්දය දුන් බහුතරයක් අනුමත කරන්නේද යන්න ගැටලුවකි.
මහා බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙනස් නොකර ජනතාවට සහන දෙන්නට මාලිමා  ජනාධිපතිවරයා හා රජය සිතන්නේ නම් එය බරපතල තත්වයකි. එසේම IMF නිසා ගොඩගිය රටක් නොමැති බවට මීට පෙර සිදු කල ප්‍රකාශ අද මාලිමාවට පාරා වලලක් වී තිබේ. මේ දෙදෙනා රටට සේවය කරන්නේද එසේත් නැතිනම් IMF වෙත සේවය කරන්නේද යන්න අපට තවමත් තේරෙන්නේ නැත.  මේ දෙදෙනාම කලක් IMF හි සේවය කල අය නිසා ළබැඳියාවන් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තිබේ. මේ අතර ලෝක බැංකුවෙන්ද ශ්‍රීලංකාවට ණයක් ලබා ගෙන තිබේ.

                                              නන්දලාල් – මහින්ද සමග මාලිමාවේ පැවැත්ම 

මහා බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පමණක් නොව අනෙකුත් ලේකම්වරු ගණනාවක් වෙනස් නොකිරීම බරපතල තත්වයකි. හොඳම උදාහරණය අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර ය. අධ්‍යාපනයට ඇය සිදු කරන වෙනසක් පෙනෙන්නට නැත. ඊට පෙර ඇය  සේවය කලේ කර්මාන්ත අමාත්‍යංශයේය. දේශීය නිෂ්පාදන හෝ දේශීය කර්මාන්ත නගා  සිටුවන්නට ඇයට කිසිදු වැඩපිළිවෙලක් තිබුනේ නැත. ඇය ගේ කාලයේ වසා දැමුණු දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයකි.අඩුම තරමින් බැංකු මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය නවත්වන්නට ඇයගෙන් කිසිදු සාධනීය කටයුත්තක් සිදුවුයේ නැත. අධ්‍යාපන අමාත්‍යංශයට ඇයගෙන් කිසිදු අත්‍යවශ්‍ය වෙනසක් සිදු වන බවක් නොපෙනේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු අනුව  අධ්‍යාපන ක්ෂේත්‍රයේ විපල්වීය  වෙනස්කම් සිදු කරන්නට තිලකා ජයසුන්දරට හැකි බවක් නම් අපට පෙනෙන්නේ නැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ප්‍රබලයන් වන ස්ටාලින් ලා මහින්ද ජයසිංහ ලා මේ සම්බන්ධයෙන් කවර මතයක් දරන්නේද යන්න අප දන්නේ නැත.

                                    ලේකම්ලා එලෙසමලු – රමල් ලංගමයට 
පසුගිය කාලයේ බරපතල චෝදනා එල්ලවූ අමාත්‍යංශ වල ලේකම්වරු මාරු නොකිරීම නිසා අවශ්‍යනම්  එම අමාත්‍යංශ වල  සිදුවූ දුෂණ වංචා යට ගසන්නට අවස්ථාව හා කාලය ලැබෙන බවද කිව යුතුව තිබේ. එසේම ඇමතිවරු තුනකින් දුවන රජයකට දක්ෂ ලේකම්වරු අත්‍යවශ්‍ය සාධකයකි. එසේම රටේ ජනාධිපති ලේකම්වරයා හා ආසන්න බලතල හිමි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පත් කොට දින කීපයකින් රාජ්‍ය සේවයෙන්  ඉවත්ව විශ්‍රාම යාම සම්බන්ධයෙන් විවිධ කතා රැසකි. මීට හේතුව හරිහැටි පැහැදිලි නැතත් එය බරපතල කාරණයක් බව නම් නොකියාම බැරිය.
කෙසේ වෙතත් මේ දක්වා මාලිමා රජයේ හොඳම පත් කිරීම ලංගම සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධනගේ පත් කිරීමය. ඔහු විවිධ රජයන් යටතේ ලංගමට විශාල සේවාවක් සිදු කල හිටපු සභාපතිවරයෙකි. දුෂණ චෝදනා ඔහුට එරහිව නැගුනේ නැත. වරක් එවකට ප්‍රවාහන ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් රමාල් සිරිවර්ධන ලංගම සභාපති ධුරයෙන් ඉවත් කරන ලද අතර එයින් අවසානයේ එම රජයද පෙරලී ගියේය. රමල් පසු කලෙක මාලිමාට  සම්බන්ධවූ අතර ඔහු මේ වන විට ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකි.

                                             මහා මැතිවරණයට සති 5 යි 

මහා මැතිවරණයට ඇත්තේ සති පහක පමණ කාලයකි. එහෙත් තවමත් කිසිදු පක්ෂයක් මහා මැතිවරණ සටන දැඩිව ආරම්භ කර ඇති බවක් නොපෙනේ.  මෙතෙක් පවතී ජනාධිපතිවරනවලදී ජයගත් පක්ෂ මහා මැතිවරණයෙන් පහසු ජයක් ලැබීම දැක ගත හැකි විය. එහෙත්  ඒ සෑම අවස්ථාවකම සියයට පනහකට වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කල අවස්ථාවන් වුවත් මෙවර මාලිමාව ලැබුවේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයකි. එම නිසා මෙවර මහා මැතිවරණ සටන ආණ්ඩුවටත් විපක්ෂයටත් එක ලෙස විවෘතය.

           මාලිමාවේ අපේක්ෂකයන් කවුරුන් දැයි රටම බලා සිටී. කලකින් පළාත්සභා හෝ ප්‍රාදේශීය සභා ඡන්ද පවත්වා නොමැත. ජනාධිපතිවරණය දක්වා මාලිමාව නිර්මාණය කලේ අනුර කුමාර දිසානායක පමණි. එම නිසා ප්‍රයෝගිකව සිතන වැඩකලහැකි  දක්ෂයන් සොයා ගැනීම අද ඔවුන්ට ඇති අභියෝගයයි. මාලිමාව විපක්ෂයෙදී සිදුකල හඬ නැගීම නිසා විවිධ  චෝදනා වලට ලක්වුවන් ලැයිස්තු වලට ඇතුලත් කල නොහැක. ඇතැම්  ජනප්‍රිය නළුවන් මාලිමාවෙන් අපේක්ෂකත්වයන් ඉල්ලා ඇතත් ඔවුන්ගේ පෙර වැරදි හා චෝදනා නිසා ඒවා ප්‍රතික්ෂේපවූ බව පැවසේ.

                                     රනිල්ට මොකද වෙන්නේ ?
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙවර මහා මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කර තිබේ.ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට  නොපැමිණෙන බවද ඔහු සඳහන් කර තිබේ. එහෙත් ඔහු එජාප නායකත්වය අතහරින්නට සුදානම් නැත.  එහෙත් ඔහුගේ වර්තමාන  ක්‍රියා නිසා වාසි ලබන්නේ මාලිමාවය.මේ වන විට රනිල්ගේ පරාජයට හේතුවූ ඔහුගේ සමීපතමයන්ට එජාප පාක්ෂිකයන් දැඩි විරෝධය පල කර තිබේ. රනිල්ට රටේ තත්වය දැනගැනීම වැලැක්වීම හා පාක්ෂිකයන් හා රනිල් ඈත් කිරීම සම්බන්ධයෙන් පාක්ෂිකයන් එල්ල කරන්නේ බරපතල චෝදනාය. එසේම මුලින් මහා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් අද වන විට බොහෝ පාර්ශව වල දෙෂදර්ශනයට ලක්ව සිටින්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාය. දේශපාලනිකව අත්දැකීම් ඇත්තෙකු වුවත් ඔහු ගත සියලු දේශපාලන තීරණ වැරදි බව මේ වන විට ඔහුටම අවබෝධ වී ඇති බව පෙනේ.

                                    එජාප ප්‍රබලයන් සජබ සන්ධානයට 

මේ අතර සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය  සමග සන්ධාන ගතවන ලෙස  අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට එජාප පාක්ෂිකයන්ගෙන් බලපෑම් එල්ලවී තිබේ.
මෙයින් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ අකිල විරාජ් කරියවසම්හට බව පැවසේ. මෙවර ජනාධිපතිවරනයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 146,000 ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර මෙවර මහා මැතිවරණයේදී  එයින් තුනෙන් එකක පමණ එනම් ඡන්ද පනස් දහසක් ලබා ගත්තද පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව අකිලට හිමිවනු ඇත. එහෙත් කුරුනෑගල දිස්ත්‍රික් එජාප නායක අකිල හට එජාප කුරුනෑගල  බල මණ්ඩල රැසක්ම පෙන්වාදී ඇත්තේ බෙදී වෙන්ව තනිව ජයග්‍රහණයට වඩා එක්ව තරග කිරීම වඩා වැදගත් බවය. එජාපය හෝ අලියා දෙකම නොමැතිව තරග කිරීම පිළිගත නොහැකි බවත් එසේම සිලින්ඩරය හා එක්ව සිටින චෝදනා ඇති පිරිස සමග තරග කිරීමට වඩා එජාප සාමාජිකත්වයට සමීප  සජබ සමග සන්ධාන ගතවීම සුදුසු බවත් එජාප  බල මණ්ඩල ප්‍රබලයන් පෙන්වාදී තිබේ.

                                                      චීන යුද නැව්  යලිත් 

මෙවර ජනාධිපතිවරණයට චීනයේ මැදිහත්වීම මේ විට ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් මාලදිවයිනේ සිදුවූ දේ ශ්‍රීලංකාවේද සිදුව තිබේ. එය ඉන්දියව පැත්තෙන් ගත් කල බරපතල කාරණයකි. එහෙත් මේ වන විට මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දියාවේ සරණ පතමින් යන බව පෙනේ. කෙසේ වෙතත් ඉන්දියාව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිය්දී කවර ආකාරයකින් කටයුතු කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත.  චීන යුද නෞකාවක් ඉදිරි දිනවලදී ශ්‍රීලංකාවේ සංචාරය කරන බව සඳහන්ය. සුපිරි බලවතුන්ගේ සෙල්ලම් පිටියක් බවට ශ්‍රීලංකාව පත් නොකරන්නට පාලකයන් වහාම පියවර ගත යුතුව තිබේ.

                                                              ඉන්දියාවට එරෙහිව ශ්‍රීලංකා භුමිය භාවිතයට ඉඩක් නැහැ 
මේ අතර ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක  අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

එම නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ බව සඳහන් කර ඇති බවය.

එමෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර්  ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබේ.

                                                    13 ක්‍රියාත්මක කරන්නලු 
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවය.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්  එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක  හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය.

එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු පැහැදිළි කළ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව් ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයයෝගය ලබාදෙන බවට ද සහතික වී තිබේ.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට දෙරටේ සහයෝගීතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක්වී ඇති කරුණකි. 
එසේම මෙම සංචාරයේදී ජයිෂන්කර් විදේශ ඇමතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවිය. මෙහිදී ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. ඉන්දියාවේ ස්ථාවරය තවමත් හරිහැටි පැහැදිලි නැතත් ඉන්දියාවේ ආරක්ෂාව හා එරට ගෝලීය අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව ඕනෑම දැඩි පියවරක් ගැනීමට දෙවරක් නොසිතන බව ජාත්‍යන්තර තලයේ ඉන්දියාවේ වර්තමාන  හැසිරීමෙන්  පෙනේ.

                              කොළඹ ජාත්‍යන්තර පාසලේ දිවි නසා ගැනීම් ගැන අධ්‍යාපන බලධාරීන් නිදිද ?


නෙළුම් කුලුනෙන් පැන කොළඹ ජාත්‍යන්තර පාසලේ ලාබාල සිසුවියක් සිය දිවි නසා ගෙන තිබේ. මීට සති  කීපයකට පෙරද මෙම පාසලේම සිසුවකු හා සිසුවියක   කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත්හ.  මෙම සිසුවිය මීට පෙර දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

16 හැවිරිදි එම පාසල් සිසුවිය නෙළුම් කුලුනේ 29 වැනි මහල හෙවත් නැරඹුම් මහලෙන්  බිමට පැන සියදිවි නසාගෙන තිබුණි.
කොළඹ ජාත්‍යන්තර පාසලේ පරිපාලනය මේ වන විට දැඩි පිරිහීමකට ලක්ව ඇතැයි එහි දෙමාපියෝ ගනානවක්ම අප සමග පැවසුහ. 
එක කාර්තුවකට රුපියල් ලක්ෂ තුනකට වැඩි ගාස්තුවක් අයකලද එම පාසලේ තත්වය එන්න එන්නටම පිරිහී තිබේ. එහි පරිපාලනය සිසුන්ට අවවාදයක් හෝ නොදෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන විශාල මුදල නිසාය. පාසලේ දරුවන් තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙන අතර පාසල් පරිපාලනය අන්තයටම පිරිහී තිබේ. රටේ  අධ්‍යාපන බලධාරීන්ද මේ සම්බන්ධයෙන් මුනිවත රකිති. වෙනත් රටක නම් මෙවැනි තත්වයක් ඇතිවූ විට වගකීම් ඉටු නොකළ පාසලේ විදුහල්පති , සභාපති ආදී සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ. අඩුම තරමින් තවත් සියදිවි නසාගැනීම් සිදුවන්නට පෙර  වහාම මෙම පාසැල සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතුව තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan