දහිරවාට්ටු ජනතාව මත පැටවීම ….

Date:

රට බංකොලොත් වෙන්ට හේතු උනේ පාලකයො හොරාකාපු එක විතරක්ම නෙමේ.. ලාබ නොලබා අධික පාඩු සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතනද, එහි සිටි නාස්තිකාර නිලධාරීන්ද මේ තත්වයට වගකිවයුතුයි…

මෙතනදි තැපෑල කියන්නේ පසුගිය වසරවල් වල රාජ්‍යයට බිලියන ගනන් පාඩු ගෙනාපු තැනක්… ඒවගේම සන්නිවේදනයේ සිදුවූ නව්‍ය පෙරලියත් සමඟ පරන තැපෑල හුදු කෞතුක වස්තුවක් බවට පත්වෙලා ඉවරයි දැන්.. එහෙම තියෙද්දිත් තව දුරටත් බංකොලොත් තැපෑලෙ බඩු කරඬුවක් සේ රාජ්‍යයේ කර උඩ අරන් යන්න හදනවා කියන්නේ මේ ආන්ඩුවට ප්‍රසස්ථ ආර්ථික දැක්මක් නෑ කියන එක…

ශ්‍රී ලන්කන් එයාර් එකත් එහෙමම තමා.. ශ්‍රී ලන්කන් එයාර් එකට අවශ්‍ය නව ගුවන් යානා මිලදී ගැනීමට හෝ බද්දට ගැනීමට රාජ්‍යයට ආර්ථික ශක්තියක් නෑ..ඒ වගේම ශ්‍රීලන්කන් එයාර් එක යුගයට සරිලන සේ නව්‍යකරය කරන්න අවශ්‍ය තාක්ෂණය ප්‍රාගධනය රාජ්‍ය සතුව නෑ.. මේ පසුබිම නිසා අධික පාඩු ලබන ශීලන්කන් එකේ පාඩුව කවදාවත් ගුවන්තොටුපොලක් අහලකටවත් ආපු නැති මිනිස්සුන්ගේ කරපිට පවා පැටවිලයි තියෙන්නේ ..

කරන්ට තියන එකම දේ තාක්ෂණය ප්‍රාග්ධනය තියෙන ගෝලීය ආයෝජකයෙකුට ඒක දීලා දාන එක…

දුරකතන සන්නිවේදනය පුද්ගලික අංශයට නොදී රාජ්‍ය ආයතනයක් විදියට දිගටම තියාගෙන හිටිය නම් කවදාවත් අද තියෙන දියුණු සන්නිවේදන ක්‍රමවේද අපිට ලැබෙන්නෙ නෑ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...