සන්නද්ධ ප්‍රහාරකයින් පකිස්ථානයේ පතල් වලට කඩා වැදී කම්කරුවන් 21 දෙනෙකු මරා දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තුවක්කු, රොකට් සහ අත්බෝම්බවලින් සන්නද්ධ ප්‍රහාරකයින් පිරිසක් නිරිත දිග පාකිස්තානයේ ඩුකි ප්‍රදේශයේ ජුනයිඩ් ගල් අඟුරු සමාගමට අයත් ගල් අගුරු පතල්වලට කඩා වැදී කම්කරුවන් 21 දෙනෙකු මරා දමා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරකයන් පතල් 10ක් ගිනි තබා ඇති අතර එහි තිබූ උපකරණ සහ යන්ත්‍රෝපකරණ ද පුළුස්සා දමා ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිස් නිලධාරි අසීෆ් ෂාෆි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, සන්නද්ධ ත්‍රස්තවාදීන් පැය එකහමාරක් පමණ පතල් කැණීමේ ප්‍රදේශයේ රැඳී සිටි බවත්, ඔවුන් පතල් හා පතල් කම්කරුවන්ගේ නිල නිවාස වෙත රොකට් වෙඩි තබා අත්බෝම්බ විසි කළ බවයි.

ඊයේ(11) දිනයේදී ඩුකිහිදී දහස් ගණනක් දෙනා ප්‍රහාරකයන් අත්අඩංගුවට ගෙන දඩුවම් පමුණුවන ලෙස විරෝදතා දක්වා ඇති අතර මේ හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන සහ වෙළඳසැල් වසා දමනු ලැබූ බවයි පොලිසිය සඳහන් කර තිබුණේ,

පළාත් ආණ්ඩුකාර ජෆාර් ඛාන් මැන්ඩොඛෙල් මේ සම්බන්ධයෙන් පතල් කම්කරුවන් ඝාතනය කිරීම අමානුෂික ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබු අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෑත මාසවලදී ප්‍රහාර ඉහළ ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...