ආශ්චර්යයට වසර දෙකයි – මන්දපෝෂණයෙන් ලෝක වාර්තාවක් ! (Video)

Date:

අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්දපෝෂණය පැතිර ගිය රටක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකයා අඩු බර දරු උපත් ඇති වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී ඇතැයිද පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) ජනදුක විමසන “මනුෂ්‍යත්වයේ චාරිකාව” හතරවෙනි දිනය ආරම්භ කළේ සූරියවැව නගරයේ ජනතාව හමුවට යමිනි.

ඒ සමගම, සූරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක හා සමඟි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුභක ප්‍රදීප් මහතාගේ සූරියවැව තරුණ බලවේග කාර්යාලය විවෘත කිරීමද විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ‘පවුල් පාලනය රටේ විනාශය’ අත්පත්‍රිකාවද ජනතාව අතර බෙදා දුන්නේය.

මේ ආණ්ඩුව ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන් ජයගත් බවත් කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වයක් නිර්මාණය කොට, සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දමා ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කළේ මේ ආණ්ඩුව බවත් ප්‍රේමදාස මහතා කීය. අවුරුදු දෙකක කාලයක් තුළ ආණ්ඩුව අපේ රට එක් අතකින් කඳුළු සලන පාරාදීසයක් කොට ඇති බවත් තවත් අතකින් අඳුරු පාරාදීසයක් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එපමණක් නොව අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇතැයි ද විපක්ෂ නායකයා පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...