ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂය සමගාමී අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් උපාය මාර්ගික හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC Sri Lanka) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (The Association of Chartered Certified Accountants) පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ආයතන දෙකෙහිම සාමාජිකයින්ට ගෝලීය ප්‍රවේශය පුළුල් කිරීමට සහ වෘත්තීය සංවර්ධනය සහ අධ්‍යාපනික දියුණුව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු පවසයි.

මෙම ගිවිසුම යටතේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා (ICC Sri Lanka ) ශාඛාව සහ (ACCA) වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කරනු බවත්, ACCA හි පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආයතන දෙකම එක්ව කටයුතු කරනු ඇත.

ගණකාධිකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් සඳහා සිසුන් වඩාත් හොඳින් සූදානම් කිරීම සඳහා නව අධ්‍යාපන අවස්ථා ද ඔවුන් විසින් නිර්මාණය කරනු ඇතැයි ද ශනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ACCA නියෝජනය කරමින් දකුණු ආසියාවේ ACCA ප්‍රධානී නිලූෂා රණසිංහ සහ ACCA හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු රුචේරා ජයවර්ධන ද ICC ශ්‍රී ලංකා නියෝජනය කරමින් සභාපති ශනිල් ප්‍රනාන්දු, ලේකම් හේමකුමාර ගුණසේකර, උප ලේකම් බුද්ධප්‍රිය රාමනායක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න යන මහත්වරු සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...