2028 ඉදන් ණය ගෙවන්න හැකි ආර්ථිකයක් හදන්න පුළුවන් කාටද කියා හිතන්න – සජිත්

Date:

කොළඹ LNW:2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය තුළ ණය නැවත ගෙවිය හැකි ලෙස ආර්ථිකය දියුණු කළ හැක්කේ කාටද කියා ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව සමඟි ජන සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ආර්ථික ප්‍රශ්නයට හොඳම විසඳුම ඇත්තේ සමගි ජන බලවේගයට වන අතර ඒ සඳහා අවශ්‍ය දක්ෂ කණ්ඩායම තමා සතු බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිත ගත කිරීම ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවත් ඒ උත්තර ලබා දීමේ දී රට ගැන සිතිය යුතු බවත් එයට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් අද පවතින තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා සමඟ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් හිටපු විපක්ෂ නායකයා කියාසිටියි.

ඒ අනුව පටු වාදභේද දේශපාලන මතිමතාන්තර පැත්තකට දමා රටටත් ජනතාවටත් ශක්තිය ලබා දෙන වැඩපිළිවෙළකට යා යුතු අතර ඒ සඳහා මුලපිරීමට සමගි ජන බලවේගය සුදානම් බවයි ඔහු පවසන්නේ.

2028 වසරේ සිට ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත රටක් ලෙස තබා ගත යුතු හෙයින් සංචිත ඉබේම නිර්මාණය නොවන නිසා ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවද ප්‍රේමදාස මහතා පවසයි.

එසේම අප රටේ ඇත්තේ කුඩා වූ ආර්ථිකයක් නිසා මේ ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන හෙයින් ඒ තුළින් ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන බව ඔහු කියාසිටියි.

ඒ සඳහා හැකියාව ඇති නිවැරදි දර්ශනයක් සහිත දක්ෂ නිපුණතාවෙන් යුත් කණ්ඩායම ඇත්තේ කාටද කියා සිතිය යුතු බවත් කර්මාන්තශාලා ආරම්භ කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කර 260000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටද කියා ජනතාව සිතිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (14) ගම්පහ කිරිදිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...