හදිසි අනතුරකින් නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී මිය යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

ඊයේ (14) දින හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවූ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇත. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගණනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇත. සිය වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇති අතර, ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳ නීතිඥවරියක් වන බව සඳහන් වේ.

හපුහින්න මහතාගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිත දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...