*
Wednesday, October 16, 2024
spot_img

Latest Posts

එංගලන්තය උඩ පන්දුවලින් තරගය අත හරියි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :

මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ලොව අංක දෙකට සිටින විස්සයි විස්ස කණ්ඩායම වන එංගලන්තයට අවසාන පූර්ව වටයට පිවිසෙන්නට තිබුණු ඉඩ වළක්වාලන්නට බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වුණා.තරගයේ පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 141 ක් රැස් කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ට සිය ලකුණු ගණන හඹා එමින් සිටි කොදෙව් ක්‍රීඩිකාවන් නවත්වා ගන්නට නොහැකි වූ ප්‍රධානතම හේතුව වූයේ ඔවුන් දැක් වූ පන්දු රැකීමේ දුර්වලතාවයයි.ගිලිහී ගිය උඩ පන්දු සමඟින් කොදෙව් ආරම්භයට සවිය මුසු කළ ක්වයිනා ජෝෂප් පන්දු 38 න් රැස් කළ ලකුණු 52 මෙන්ම,හේලි පිලිපස් ලබා ගත් ලකුණු 50 ද එකතුව ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 102 ක් එකතු කරන්නට සමත් වුණා.

පන්දු ඕවර් 12.2 ක් තුළ පළමු කඩුල්ලට ලකුණු 102 ක් එක් කරමින් කොදෙව් ජය මාවතට මඟ පාදන්නට ආරම්භක පිතිකාරියන් සමත් වුවත්,යළිත් තරගයේ ජය මඟ හැරෙන තත්ත්වයකට ලකුණු ලබා ගැනිමට දුෂ්කර තැනකට කොදෙව් පිතිකාරිණියන් පත් වුණා.එහිදී නැවතත් කොදෙව්වන් වෙත තරගය හැර වූ ඩේන්ඩ්රා ඩොටින් පන්දු 19 න් ලකුණු 27 ක් රැස් කරමින් කොදෙව්වන්ට ජයග්‍රහණය පහසු කළා.මේ නිසා 18 වන පන්දු ඕවරයේ දී පිටියට පිවිසි ආලියා ඇලෙයින් පන්දු 4 දී හතරේ පහර දෙකක් උඳුරා ගනිමින් එංගලන්තයට එරෙහිව කොදෙව් කණ්ඩායමට කඩුලු 6 ක ජයක් ලබා දෙමින් තරගය නිමාවට පත් කළා.

කාසියේ වාසිය ලද කොදෙව් ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළ අතර කොදෙව් පන්දු යවන්නියන් කිසිඳු ඉඩක් නොදෙමින් එංගලන්ත පිතිකරණයට දැඩි පීඩනයක් ඇති කළා.එම පීඩනය හමුවේ උඩු ගං බලා යන ඉණිමක් දියත් කළ නැට් ස්කිවර් බ්‍රන්ට් නොදැවී ලකුණු 57 ක් ලා ගනිමින් එංගලන්ත ඉණිම නිමා වන තුරුම කඩුල්ලේ සිටියත්,ඇයට හොද සහයෝගයක් දිය හැකි පිතිකාරීණියක් සිටියේ නැහැ.මේ නිසා අංක 4 පිතිකාරිනිය ලෙස පැමිණි බ්‍රන්ට් කඩුලු 7 ක් දැවී යන තෙක්ම කඩුල්ලේ සිටිය ද පන්දු 50 ට පමණක් මුහුණ දුන්නා.ඇය තරගයේ පන්දු 92 ක කාලයක් කඩුල්ලේ රැදී සිටියා.

මේ අනුව එංගලන්තය අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව වටයෙන් ඉවතට දැමූ ඓතිහාසික ජයග්‍රහණය සමඟ අවසාන පූර්ව තරගයට පිවිසෙන කොදෙව් කණ්ඩායමට එහිදී නවසීලන්තය මුණ ගැසෙන්නට නියිමිතයි.ඕස්ට්‍රේලියාවට මුණ ගැසෙන්නේ කොදෙව් කණ්ඩායමයි.කණ්ඩායම් හැඟිම සහ තරගය විඳිමින් සතුටින් සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන කොදෙව් ක්‍රීඩිකාවන් මේ වන විට දක්වන දස්කම් අනුව ඔවුන්ට ප්‍රතිවාදීන් විසින් ලබා දෙන සුළු ඉඩක් හෝ පෙරළා මහා විනාශයක් කර ප්‍රතිවාදීන් දවා අළු කරන තත්ත්වයක් දකින්නට ලැබෙන බැවින් 2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය කොදෙව් දේශයට රැඟෙන යාමටද ඉඩක් තිබෙනවා.

එංගලන්තය පරාජය කළ කොදෙව් කණ්ඩායමේ දක්ෂතා සහිත තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://es.pn/3NrYUve

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan