VA ඩිස්ටිලරීස් සමාගමේ ජාවාරමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් !

Date:

VA ඩිස්ටිලරීස් සමාගම මත්පැන් අලෙවියේදී සිදුකරගෙන යන වංචාවක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ සහ හිඟුරාණ ඩිස්ටිලරීස් සමාගමේ හිමිකරුවන් විසිනි.

VA ඩිස්ටිලරීස් සමාගම බදු නොගෙවමින් වැඩි වට්ටම් සහිතව මත්පැන් කන්ටේනර් දෙකක් යාපනය ප්‍රදේශයට පසුගිය සමයේදී යවා ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට නීත්‍යානුකූලව බදු ගෙවමින් කටයුතු කරන සමාගම්වලට යාපනය ප්‍රදේශයේ මත්පැන් අලෙවි කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවට ඉහත කී සමාගම් දෙක පැමිණිලි කර ඇති බව සඳහන්.

එසේම VA ඩිස්ටිලරීස් සමාගම හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සමග එක්ව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි ද අදාළ පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මෙහිදී නව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.

මීට අමතරව, රාජපක්ෂ පාලන සමයේදී VA ඩිස්ටිලරීස් සමාගමට බියර් නිෂ්පාදන බලපත්‍රයක් ද ලබාදී ඇති අතර එම සමාගම රාජපක්ෂ පවුලේ මුදල් යොදවමින් මෙරට මෙන්ම විදෙස් රටවල ද ව්‍යාපාර ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයටත් පැමිණිල්ලක් ලැබී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...