ජනපති අනුරගේ නියෝගය මැ.කො. අත්හිටුවයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත.

එම ව්‍යාපෘති පටන් ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යන පදනමේ සිට මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා තිබෙන අතර, පළාත් ආණ්ඩුකාර ධුරය යනු දේශපාලන පත්වීමක්වීම එයට හේතුවක් වී ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අක්‍රීය වී ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරකම් එහි සම සභාපතීත්වය දරන පළාත් ආණ්ඩුකාරවරුන් යටතේ අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබිණි.

2024 වසරේ අයවැයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මකවූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවීම, අධීක්‍ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට පැවැරී තිබූ බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රීය වීම හේතුවෙන් එම ව්‍යාපෘති ද අතරමග නැවතී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?