රනිල් අනුරගෙන් කෝකියන් 16ක් ඉල්ලුවාද ? – සාගලගෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව රජයෙන් කෝකියන් 16 දෙනෙකු ඇතුළු ආරක්ෂක නිලධාරීන් 163 දෙනෙක්, වාහන 20ක් සහ කුඩ 30ක් ඇතුළු ලැයිස්තුවක් ඉල්ලා තිබුණු අතර තමන් එය ලබාදීම ප්‍රතික්ෂේප කළ බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

“යම්කිසි රාජ්‍ය තනතුරක හිටපු කෙනෙක්, අපි කියමු ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වැනි තවත් තර්ජන තියෙන නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ තනතුර අහිමි වෙනකොට – යම්කිසි තර්ජනයක් මතනෙ ආරක්ෂාව දෙන්නෙ – ඒ තනතුර අහිමි වෙච්ච දවසෙම ඒ තර්ජනය අවසන් වෙනවාද නැද්ද කියන ප්‍රශ්නය හැමවෙලාවෙම තියෙනවා. ඉතින් සාමාන්‍ය පිළිවෙත තමයි තව මාසයක් දෙකක් ඒ ආරක්ෂාව සපයනවා, ඒ කාලය ඇතුළත ආරක්ෂක වාර්තා කැඳවලා තක්සේරුකරණයක් වෙනවා. ඒ අනුව ඒ ආරක්ෂාව සැපයෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන්ම සඳහන් වෙලා තියෙනවා යම් ආරක්ෂාවක් ලැබිය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසානයට හිටපු ජනාධිපතිතුමා. එතුමා රට බාරගත්තෙ අමාරු වෙලාවක, රටේ කළහකාරී තත්වයක් තිබ්බ වෙලාවක. එතුමාගේ නිවස පවා ගිනි තිබ්බා. ඒ සියල්ල අවසානයේ එතුමා මේ තනතුරෙන් ඉවත් වෙනකොට එතුමාගේ ආරක්ෂාව බාරවෙන්නෙ පොලීසියට. මේක MSD එක හරහා එන ආරක්ෂාවක්.

ඒ නිලධාරියෙක් තමයි මේ ඉල්ලීම් කරලා තියෙන්නෙ. මම ඒ ඉල්ලීම් දැක්කෙ නෑ. ඒ ඉල්ලීම්වල ඒ නිලධාරීන්ට රාජකාරි කරන්න අවශ්‍ය උපකරණ ටික ඉල්ලුවා කියලා මාව දැනුවත් කළා. ඒකයි ඒ ලිපියෙ සඳහන් වෙලා තිබ්බෙ”

“හිටපු ජනාධිපතිතුමා කිසිවක් ඉල්ලලා නැහැ. එතුමාගේ ආරක්ෂක අංශයේ වගකීම, ඔවුන් ඉල්ලලා තියෙනවා යම් උපකරණ ප්‍රමාණයක් ආදී වශයෙන්”

සාගල රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...