බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

කාපට් තලන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරලීමෙන් බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමඟ දුරකථන කණු හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇති අතර, එම අවස්ථාවේ පැමිණෙමින් තිබූ යතුරුපැදියක් එම රැහැන්වල පැටලි අනතුරට ලක්වීමෙන් පැදිකරු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ.

එම ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ සිදුකරන බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...