ඇෆ්ගන් පිත්තට ලංකාවෙ පන්දුවෙන් කොක්කක් වැටිය යුතු දවසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 27, (LNW) කොළඹ: ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාව අඳ හමුවීමට නියමිතව සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමය.ජාත්‍යන්තර වශයෙන් හ්‍රී ලංකාවට වඩා අත්දැකීම් ඇති සංයුතියක් සහිත ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසාන තරගය දක්වා එන ජයග්‍රාහී ගමන මේ තරගාවලිය තුළ ආරම්භ කළේ ද ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්ය.

මේ වන විට ඇෆ්ගන් කණ්ඩායමට පරාජය වූ ශ්‍රී ලංකාව එතැන් සිට අඛණ්ඩව ජයග්‍රහණය නෙතම යොමු වූ කණ්ඩායමක් වන අතර ඇෆ්ගනිස්තානය අතර මගදී හොංකොං කණ්ඩායම අතින් පරාජයට පත් විය.ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව පළමු වරට හමු වූ මොහොතේ ඇෆ්ගනිස්තානය කඩුලු 7 ට ලකුණු 166 ක් රැස් කළ ද ශ්‍රී ලංකාවට ලබා ගන්නට හැකි වූයේ ලකුණු 155 ක් පමණි.ඇතැම් විට එම තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ නායක නුවනිඳු ප්‍රනාන්දු දුවද්දී දැවී නොගියානම් තරගයේ ප්‍රතිපලය ඊට වඩා වෙනස් වීමටත් ඉඩ තිබිණි.

තරගාවලියේ පන්දු යැවීම සළකා බලන විට දුෂාන් හේමන්ත කඩුලු 14 ක් ලබා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටියි.ඔහු හොඳම පන්දු යැවීම වාර්තා කර තිබෙන්නේ ද ඇෆ්ගන් කණ්ඩායමට එරෙහිවයි. එහිදී ඔහු ලකුණු 23 කඩුලු 6 ක් දවා ගන්නට සමත් වෙයි. එසේම මද වේග පන්දු යවන්නන් වශයෙන් එෂාන් මාලිංග සහ නිපුන් රංසික සිටින්නේ ද හොඳ තත්ත්වයකය.මාලිංග බංගලාදේශ තරගයේදී පන්දු මිශ්‍රණයක් යොමු කරමින් අවසන් පන්දු වාර වලදී බංගලාදේශ පිතිකරුවන්ට ලකුණු ඒම වැළක් වූ හැටි ඒ අතරින් විශේෂය.
එසේම ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ලකුණු ලබා ගැනීමේදී පෙරමුණේ සිටින්නේය.ඒ අතරින් ආරම්භක පිතිකරු සෙදිකුල්ලාහ් අටාල් මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වී ඇත්තේ ලකුණු 313 ක් රැස් කරමින්ය.ඔහු ක්‍රීඩා කළ ඉණිම හතරේදීම අර්ධ ශතක ලබා ගෙන ඇත.එසේම ඔහුගේ ආරම්භක සහයකයා ෂුබයිද් අක්බාරි තරගාවලියේ තෙවන තැනට වැඩිම ලකුණු රැස් කරගෙන සිටින ක්‍රීඩකයාය.ඔහු අර්ධ ශතක දෙකක් ලබා ගෙන ඇත.මේ සබඳතාවය ඇති නොවීමට වග බලා ගැනීම ශ්‍රී ලංකාවට ඇති ලොකුම සැනසිල්ලකි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ගත් විට සියල්ලන්ම පාහේ විශාල ලකුණු ගණන් කරා නොගියද,ජයග්‍රහණයට දායකවීමට සිය පිත්තේ සහය ලබා දුන් සහ ලබා දිය හැකි මට්ටමේ සිටින්නෝය.යශෝධ ලංකා,ලහිරු උදාර,නුවනිදු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,අහාන් වික්‍රමසිංහ මෙන්ම පවන් රත්නායක ද ඒ දායකත්වය ලබා දිය හැකි බව මේ වන විටත් ඔප්පු කර අවසන්ය.
මේ අවසාන තරගයේ දී ඇෆ්ගන් පිත්තේ ප්‍රබලත්වය තරමටම ශ්‍රී ලංකාවේ පන්දු යැවීමද ඉදිරියෙන් වන බව ඇත්තය.එවැනි පසුබිමක ශ්‍රී ලංකාවට වඩාත් සාර්ථක විය හැක්කේ පන්දු රැකීමෙන් සිඳු විය හැකි වැරදි අවම කර ගැනීමටත් වඩා වැරදි නොකර සිටීමෙන්ය.ඒ සහය නිවැරදිව ලබා දෙන්නට ශ්‍රී ලංකා පන්දු රැකීම පොහොසත් වුණොත් මෙවර හයවන වරට පවත්වන මෙම තරගාවලි ඉතිහාසයට අද රාත්‍රියේ ශ්‍රී ලංකාව එකතු වන්නේ තෙවන වරටත් සූරතාවය දිනූ කණ්ඩායම හැටියටය.මීට පෙර 2017 දී ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් ද,2018 දී ශම්මු අශාන්ගේ නායකත්වයෙන් ද ශ්‍රී ලංකාව සතු කර ගත් ආසියානු නැඟී එන කුසලානය මෙවර නායක නුවනිදු ප්‍රනාන්දුගේ අතට පත් වීමට ඇති ඉඩ විශාලය.එම විශාල ඉඩ රැක ගැනීමට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම වැදගත්ම තැන තබා කටයුතු කිරීම වැදගත් වනු ඇත.එය උඩ පන්දු රැකීම,පන්දුව නවතා ගැනීම තරමටම පන්දුව වෙත වේගයෙන් පැමිණිම ද ලෙස සම්පූර්ණ විය යුතුය.එසේම හයේ හතරේ පහරවල්වලට යාම තරමටම කඩුලු අතර වේගයෙන් දිව යාමද අතිශයින් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...