නිල නිවාස භාර නොදෙන හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීති මඟට!

Date:

කොළඹ LNW: හිටපු මැති ඇමතිවරුන් විසින් මෙතෙක් රජයට භාර නොදුන් නිල නිවාස අද (30) දිනය ඇතුළත භාර දිය යුතුවන අතර එසේ භාර නොදෙන අය සම්බන්ධයෙන් නීතිමය පියවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ජල, විදුලිය ඇතුළු බිල්පත් ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු එම නිල නිවාස භාර දෙන ලෙසයි අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබුණේ.

රජයේ ඇමති නිල නිවාස 28ක් පවතින අතර එම නිල නිවාස අතරින් හිටපු ඇමතිවරු 12ක් තවමත් නිල නිවාස භාර දී නොමැති බවයි වාර්තා වුණේ.

මේ වන විට අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...