ඇමෙරිකාවේ විහාර රැසක කඨින පිංකම් මහඉහළින්…..!!!

Date:

අශෝක ජයතුංග

නොවැම්බර් 07, වොෂින්ටන් LNW :

වීට්න් පුමුඛ විහාර වලින් ජනතා සුබසාධන කටයුතු…

[ඇමෙරිකාවේ බෞද්ධ විහාර රැසක වස් කාලයෙන් පසු කඨින පිංකම් රැසක් ලාංකික හා සෙසු රටවල බෞද්ධයන් විශාල පිරිසකගේ දායකත්වයෙන් මහඉහළින් පැවැත්වින.ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිළධාරීන් ද මෙම අවස්ථා වලට එක්වූහ.


වොෂින්ටන් DC විහාරයේ පිංකම උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිිමි ගේ මූලිකත්වයෙන් ද වීට්න් විහාරයේ පිංකම ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායන කටුගස්තොට උපරතන නාහිමි ගේ මුලිකත්වයෙන් ද සිදු කෙරිණ. හේගස් ටවුන් හා ෆීට්ස්බර්ග් විහාර වල පිංකම් කරපුටුගල ඉන්දරතන නාහිමි හා ආචාර්ය සුරක්කුලමේ පේමරතන නාහිමිවරුන්ගේ මෙහෙයවීම තුළ සිදුවු අතර ග්‍රේටර් වොෂින්ටන් හි මහමෙව්නා අසපුවේ පිංකම කිරිබත්ගොඩ ඥාණානන්ද නාහිමිගේ උපදෙස් මත තලාවේ දමිතබෝධි හා මාතලේ අමිතඛේම හිමිවරුන්ගේ මූලිකත්වයෙන් නිම කෙරිණ.

මෙවර වොෂින්ටන් විහාර කඨිනය Dr කුමුදිනී අත්තනගොඩ, ප්‍රියන්ති හා නන්දන අමරසිංහ, චන්ද්‍රිකා හා සුදත් රණසිංහ, ක්‍රිෂාන්ති හා සුනිල් ප්‍රනාන්දු , හේමකාන්ති හා සුජීව ද අල්විස්, ධම්මිකා හා උදය රණවක, බණ්ඩාර හා සුනිල් රත්නායක, රශ්මි හා සේනක අතුරලිය, ඉසුරු අත්තනගොඩ මහත්ම මහත්මීන් හා සෙසු පිරිස දායක වූහ.වීට්න් විහාර කඨිනය බන්ධුල ගුණසේකර හා චමිලා සෙනෙවිරත්න, රොෂාන් හා නිම්මාලි ද සේරම්, ජානක ඈපාසිංහ හා චමින්දි ගුණරත්න, සුනිල් පොල්මොට්ටාවෙගෙදර හා චමිලා ජයතිලක, තිලක් පනාපිටිය හා කෞශල්‍යා අතපත්තු, නිපුණ කුරුප්පු, ආනන්ද හා ලලිතා හේරත්, තිස්ස අධිකාරී හා මරීටා පෙරේරා මහත්ම මහත්මීන් පුමුඛ සෙසු දායකයන් වීට්න් කඨින පිංකමට දායකත්වය දුන්හ.

හේගස්ටවුන් විහාරයේ කඨිනයට උපුල් පෙරේරා හා වෛද්‍ය කමනී කරදන සමග සම්පත් ලියනගුණවර්ධන හා චාමිකා හතුරුසිංහ මහත්ම මහත්මීන් හා සෙසු දායකයන්ගේ මුලිකත්වයෙන් පැවැත්වින. පීට්ස්බර්ග් විහාර කඨිනය සුරේෂ් ජයසේකර මහතා, ශෂි, දිනිත් හා පද්මා රත්නායක පවුල හා සෙසු දායකයන් මූලිකත්වය ගත් අතර මහමෙව්නා අසපුවේ කඨින පිංකමේ මුළිකත්වය රොෂාන් වීරසිංහ මහතා පුමුඛ එම පවුල හා සෙසු දායකයන් විසින් ඉසිලීය.

කඨින පිංකම් වලට අමතරව එම විහාර වල වැඩි දියුණුවට අදාළ වැඩපිළිවෙල රැසක් ද එම දායක දායිකාවන්ගේ මැදිහත්වීම තුළ ආරම්භ වුහ. පැමිණ සිටි බැතිමතුන්ට අදාළ සුබ සාධන කටයුතු වීට්න් ප්‍රමුඛ විහාරස්ථාන වලින් සම්පාදනය කොට තිබීමද විශේෂත්වයක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...