කොළඹ LNW:2024 මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික් රැසක අවසන් නිල ජන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව මහ මැතිවරණයේ ජයග්‍රහණය තාහ්වුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙන අතර යාපනය, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල සම්ප්‍රදායික දේශපාලන උඩුයටිකුරු වන ප්‍රතිඵලයක් ලැබී තිබීමද විශේෂත්වයක්.
එම නිසාම මෙම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර සමස්ත රටේම එකඟතාව ඔවුන් වෙත හිමිව තිබේ.
ප්‍රකාශිත අවසන් නිල ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයේ ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 406,428ක් වන අතර එහි ප්‍රතිශතය 68.07%ක් ලෙසදැක්වෙයි.
ඒ අනුව ඔවුන්ට දිස්ත්‍රික්කයේ ආසන 7ක් හිමිව ඇත.
මාතර දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගය සමත්විය. ඒ ඡන්ද 317,541ක් ලබා ගනිමිනි. එහි ප්‍රතිශතය 69.83%ක් වන අතර ආසන 6ක් හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
සම්පූර්ණ දකුණු පළාතේම බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට එහි ආසන 5ක් හිමිවිය. ඒ ඡන්ද 234,083ක් ලබාගනිමිනි.
මේ අතර මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ආසන 5ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණේ ඡන්ද 174,730ක් හිමිකරගනිමිනි. එහි ප්‍රතිශතය 64.27%කි.
ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්ද 275,180ක් ලබාගත්තේය. එහි ප්‍රතිශතය 58.59%කි. ඒ අනුව ආසන 6ක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත.
දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමටද මාලිමාව සමත් වූ අතර ඔවුන් එහිදී ජන්ද 80,830 ක් ලබාගෙන මන්ත්‍රී ආසන 03ක්ද දිනාගනු ලැබීය.
පුත්තලම දිස්ත්‍රික්කයද ආසන 06 සමඟින් ජන්ද 239,576ක් ලබා ගෙන ජයග්‍රහණය තහවුරු කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට ද ජාතික ජන බලවේගය සමත් වී ඇත. ජන්ද 368,229 ලබාගෙන මන්ත්‍රී ආසන 08ක් හිමිකර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය ජන්ද 39,894ක් දිනාගෙන එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. ඒ ආණූආ ඔවුන් එහිදී ආසන 02ක් දිනාගෙන තිබේ.
සුවිශේෂී ජන්ද ප්‍රමාණයක් ලබාගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයගැනීමට ද මාලිමා කණ්ඩායමට හැකිව තිබේ. ඔවුන් දිස්ත්‍රික්කය පුර ජන්ද 331,692 – ක් සමඟින් ආසන 07 දිනාගෙන ඇත.
කුරුණෑගල සහ කෑගල්ල ද ජයගෙන ඇත්තේ ජාතික ජන බලවේගයයි.
ඒ ආණූආ කුරුණෑගල දී ජන්ද 651,476 ක් ලබාගෙන මන්ත්‍රී අසන 12ක් දිනාගැනීමට හැකිව තිබේ. මේ අතර කෑගල්ලේදී ජන්ද 312,441ක් සමඟ ආසන 07ක් අත්පත්කරගෙන තිබේ.
ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික්කය ජයගෙන ඇත්තේ ජන්ද 452,398ක් ලබාගනිමිනි. ඒ අනුව මන්ත්‍රී ආසන 08ක් හිමිව ඇත.
මහනුවර ජය තහවුරු කරගැනීමටද මාලිමාව සමත්ව ඇත. ඒ සමස්ත ජන්ද 500,596ක් සමඟ මන්ත්‍රී ධූර 09ක් ලබාගනිමිනි.
ඒ අනුවමේ වන විටත් ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇත්තේ ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදි ශක්‌තිමත් බහුතර බලයක්ද සමඟිනි.
ආශිකා බ්‍රාහ්මණ