නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය බිමල්ට ?

Date:

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටියේ ජාජබ ජාතික ලැයිස්තුව හරහා ය.

2001 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්වූ බිමල් රත්නායක මහතා ඉන්පසු වාර තුනකදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු කටයුතු සහ සම්ප්‍රදායන් පිළිබඳ දීර්ඝ කාලීනව පුළුල් අවබෝධයක් සහ අත්දැකීම් ලබාගත් අයෙකි.

එසේම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2004 – 2005 සමයේ කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ ද බිමල් රත්නායක මහතා ය.

එමෙන්ම ඒ මහතා පක්ෂයේ කටයුතු වෙනුවෙන් විදෙස් දේශපාලන පක්ෂ සහ රාජ්‍යතාන්ත්‍රිකයින් සමග දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු කරමින් එම අත්දැකීම්වලින් ද පරිපූර්ණ වූ දේශපාලනඥයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...