පාකිස්තානු වැසියන්ගේ විදුලි බිල නැවතත් වැඩි කිරීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාකිස්තානය එරට වැසියන්ගේ විදුලි බිල නැවතත් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ඒආ­ර්අයි පුවත් සේවය වාර්තා කරන්නේ, ඉහළ යන බල­ශක්ති පිරි­වැ­යට විසඳු­මක් ලෙස ඉදි­රි­යේදී පාකිස්තා­නයේ විදුලි බිල ඉහළ නංවන ලෙස එරට ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රි­යට උප­දෙස් ලැබී ඇති බවටයි. ඒ අනුව ඉදි­රි­යේදී එරට විදුලි බිල වැඩි කිරීමට ජාතික විදුලි බල නියා­මන අධි­කා­රිය සැල­සුම් කර ඇති බව සඳහන් වේ.

මේ වන විටත් විදුලි බිල ඉහළ යෑමෙන් දැඩි පීඩ­න­ය­කට ඇද වැටී සිටින එරට පාරි­භෝ­ගි­ක­යන්ට යළි විදුලි බිල වැඩි කිරී­මෙන් පාකිස්තාන රුපි­යල් බිලි­යන 8.73ක අම­තර බරක් දැරී­මට සිදු­වනු ඇති බව පැවසේ,

රජ­යෙන් නිකුත් කළ එම උප­දෙස් මත පාකි­ස්තා­නයේ ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රිය ඉහළ නැංවී­මට සැල­සුම් කර ඇති නව විදුලි බිල්පත් ගාස්තු­වට විදුලි ධාරි­තාව සඳහා පාකි­ස්තාන රුපි­යල් බිලි­යන 8.06ක මුද­ලක් ද, මෙහෙ­යුම් හා නඩ­ත්තුව සඳහා රුපි­යල් බිලි­යන 1.25ක් ද, පද්ධති ගාස්තු හා වෙළෙ­ඳ­පොළ මෙහෙ­යුම් ගාස්තු සඳහා රුපි­යල් බිලි­යන 1.65ක් ද ඇතු­ළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...