පිංමාළු වලේ මාළු බෑවේ කවුද? – විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි (VIDEO)

බොරදියේ මාළු බාන්න එපා යැයි අගමැතිවරයා ඉල්ලා සිටියද වසර දෙකක් තිස්සේ පින් මාළු වලේ මාළු බෑවේ කවුදැයි මුළු රටම දන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (19) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව රටට සිදු කළ විනාශය අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව මරණ මංචකයට ගෙනගිය සාපරාධී අපරාධයක් බවත් ඊට ආණ්ඩුව සහමුලින්ම වගකිවයුතු නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩා වැටෙන තුරු උඩ බලාගෙන සිටි ආණ්ඩුව අද ජාත්‍යන්තරය ගැන කතා කිරීම අරුමයක් බවත්,වසර දෙකක් තිස්සේ නොකළ දෑ අද කිරීමට යාම විහිලුවක් බවද ප්‍රේමදාස මහතා පැවසුවේය.

ආණ්ඩුව පැමිණි සැනින් ගජ මිතුරන්ට කෝටිපතියන්ට බදු සහන දී රටේ ආර්ථිකය සුන්නත්දූලි කළේ වර්තමාන ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා,රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැති බවද පැවසීය.

පැලැස්තර විසඳුම්වලින් ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සිට සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඉන් මෙපිට කිසිදු සංශෝධනයක් විපක්ෂය පිළි නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...