රත්වත්තේ යුවලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

කොළඹ LNW:නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ තවදුරටත් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක තිබී එම අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය විසින් සොයා ගත් අතර මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...