ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් අද (19) උදෑසන සිට රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවෙහි නියැළුණු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
විරෝධතාකරුවන් ප්‍රධාන දුම්රිය මාර්ගය අවහිර කරගෙන සිටි අතර එම දුම්රිය මාර්ගය නිදහස් කරගැනීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය එසේ පැවසුවත් විරෝධතාකරුවන්ට පොලිසිය විසින් වෙඩි තැබූ බව ප්‍රදේශවාසීන් පවසන අතර තුවාලකරුවන් රැගෙන යන දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
RN