සේනසිංහට අදාළ නඩුවක් ලබන 25 වනදා යළි කැඳවීමට නියෝග!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):

පසුගිය දා කතාබහට ලක්වුණු හිටපු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතාට අයත් බව කියන නීත්‍යානුකූල නොවන මෝටර් රථය සම්බන්ධ රස පරික්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ වී ඇති අතර, මේ අනුව රජයේ රස පරික්ෂකවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව පැවසේ.

සුජීව සේනසිංහ මහතාගේ නීතිඥවරයා විසින්, අධිකරණ භාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය මුදාහරින ලෙස ඉල්ලා සිට ඇති අතර, කෙසේ වෙතත් රස පරීක්ෂක වාර්තාව ලැබී නැති බැවින් මෙම නඩුව ලබන 25 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...