පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි හදනවා – විජිත සහතික වෙයි!

කොළඹ LNW:පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන් ගොඩනගන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ, අද (18) කැබිනට් මණ්ඩල දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”රටේ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය ජාත්‍යන්තරය තුළත් ජයග්‍රහණය කිරීම තමයි අපේ වගකීම. ලෝකය තුළත් ලංකාව ශක්තිමත් ගමනක් යනවා කියන පණිවිඩය ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් එහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර අවසන් වූ මහ මැතිවරණ ජන්ද විමසීමේදී සුවිශේෂී ජයග්‍රහණයක් ගෙන දුන් ගම්පහ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමද වගකීමක් ලෙස ගන්නා බවයි විජිත හේරත් මහතා කියාසිටියේ.

”ගම්පහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපි කෙරෙහි විශ්වාසය තියල විශාල ජන්ද ප්‍රමාණයක් දුන්නා. ඒ අයට ලොකු බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීමක් හැටියට අපි ගන්නවා.” යනුවෙනුයි ඔහු පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...