පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි හදනවා – විජිත සහතික වෙයි!

Date:

කොළඹ LNW:පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන් ගොඩනගන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ, අද (18) කැබිනට් මණ්ඩල දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”රටේ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය ජාත්‍යන්තරය තුළත් ජයග්‍රහණය කිරීම තමයි අපේ වගකීම. ලෝකය තුළත් ලංකාව ශක්තිමත් ගමනක් යනවා කියන පණිවිඩය ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් එහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර අවසන් වූ මහ මැතිවරණ ජන්ද විමසීමේදී සුවිශේෂී ජයග්‍රහණයක් ගෙන දුන් ගම්පහ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමද වගකීමක් ලෙස ගන්නා බවයි විජිත හේරත් මහතා කියාසිටියේ.

”ගම්පහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපි කෙරෙහි විශ්වාසය තියල විශාල ජන්ද ප්‍රමාණයක් දුන්නා. ඒ අයට ලොකු බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීමක් හැටියට අපි ගන්නවා.” යනුවෙනුයි ඔහු පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...