රත්වත්තේගේ පෙත්සමට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ (LNW):

අද (19)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ , රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම කැඳවනු ලැබූ බව සඳහන් වේ.

ඒ අනුව එම පෙත්සමට විරෝධතා ගොනු කිරිමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදුන් බව වාර්තා වේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාල විරෝධතා ගොනුකිරිම සඳහා සති 4 ක කාලයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලිමට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විරෝධතාව පල පලකර ඇති අතර, ඒ සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලිමත් සමග නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනුකරන ලෙස නියෝග කෙරුණ බව සඳහන් වේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ, මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි ලියාපදිංචි නොකළ වාහනයක් සොයාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...