එකතු වෙමු ….

Date:

මේක ජයග්‍රහණයක් නම් දෙකක් නෑ තරඟයේ වීරයා අනුර.. ජයග්‍රහණයේ තිරය පසුපසින් හිටපු න්‍යායාචාර්යවරයා ටිල්වින් සහෝදරයා … ඒ වගේම ඒ බලවේගයේ හිටපු හැම කෙනෙක්ම ඒකේ හවුල් කාරයෝ..

ඒ වගේම අනුරට අද මේ ජයග්‍රහණය ගන්ට 1993දී එංගලන්තයේ හිටපු සෝමවංශ සහෝදරයා එක්ක සම්බන්දකම තියාගෙන ‍රට වටේ ඇවිද ඇවිද නැවත පක්ෂය ගොඩනගපු කුමාර් සහෝදරයාටත් මේ ජයග්‍රහණයේ අතීත දායකත්වයේ කොටසක් තියෙනවා.. ඒවගේම ඉතාම අමාරුම කාලෙක පක්ෂෙට දරදිය ඇදපු, පස්සෙ පෙරටු එකට කැඩිලා ගිය සගයනුත් මෙතන්ට එන්ට අතීත දායකත්වය දක්වලා තියෙනවා ..

මම කියන්නේ ජ.වි.පෙ. අද රාජ්‍ය බලය අරගෙන තියෙන මේ වෙලාවේ පෙරටුගාමින් විරෝධී පිලට වැටිලා දෙගොල්ල අතර ලොකු ගැටුමක් නිර්මාණය උනොත් ඒක හරි අවාසනාවන්ත ඉරණමක් වෙයි.. මොකද දෙගොල්ලම මොන දේ කරන්ට ගියත් ගේම අත් හරින්නෙ නැති දැඩිමතධාරී එකම ගුනයක් සහිත කන්ඩායම් දෙකක් නිසා..

අනිත් එක එතෙන්දි ගැටෙන්නේ ලේ බැම්මකටත් වඩා එහාගිය අතීත සහෝදර බැඳීමක් තිබුන පාර්ශව දෙකක්..

වමේ කන්ඩායම් අතර ගැටුම් ඇතිවෙන්නෙ වඩාත් නිවැරදි කුමක්ද යන තර්කය මත පදනම් වෙලා පමණයි.. ඒ හැර ඒ ගැටුම් අබ ඇටේකවත් දේපල ප්‍රශ්නයක් නිසා ඇති උන ඒවා නෙමේ..

මම කියන්නේ දෙගොල්ලට එකතුවෙන්න බැරිනම් මින් ඉදිරියට යම් වාම එකඟතාවයක් ඇතුලේ හරි වැඩකරන්න පුළුවන් නම් ඒක ප්‍රශස්ථ ප්‍රවේශයක් වෙයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...