පාර්ලිමේන්තුවේ කෑම ගන්නෙ නෑ, වාහන ගන්නෙ නෑ කියලා අපි කවදාවත් කියලා නෑ – බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තුවේ ආහාර වේල නොගන්නා බවට හෝ රජයේ වාහන භාවිතයට නොගන්නා බවට තම පක්ෂයේ කිසිවෙකු ප්‍රකාශ කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – හර්ෂ ද සිල්වා ඊයෙ පෙරේදා මාධ්‍ය හමුවක් තියලා කෑම ප්‍රශ්නය ආපහු ඇදලා ගත්තා ?

“රට කාපු කට්ටියනෙ ඒගොල්ලො. ඉතාම පහත් තත්වයට මේ ප්‍රශ්නය ගෙනියන්න උත්සාහ කිරීම වැරදියි. දැන් උත්සාහ කරනවා අපි ප්‍රකාශ කළායි කියලා පාර්ලිමේන්තුවෙ කෑම එක ගන්නෙ නෑ, වාහනයක් ගන්නෙ නෑ කියලා. නෑ, නෑ … අපි එහෙම කියලා නෑ. අපි තමයි 2000 ඉඳලාම – අපි පාර්ලිමේන්තු යනකොට මට මතක විදියට දවල් කෑම එකක් රුපියල් 15 යි – අපි තමයි පළමු වතාවට යෝජනා කළේ මේ කෑම මිල සාමාන්‍ය වෙළඳපොල වටිනාකමට ගේන්න කියලා”

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...