විරේන් කෝටි හතක පිහාටු මල් තරගාවලියක – රසිඳුත් උත්සාහයක

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 25, (LNW) කොළඹ :

ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ දස දහසක මුදල් ත්‍යාග වෙනුවෙන් සැකසෙන ලක්නව් හී පැවත්වෙන Syed Modi India International 2024 ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ ප්‍රධාන තරග සැළසුමට ඇතුළත් වීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහට හිමිව තිබෙනවා.ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් ත්‍යාග වශයෙන් හිමිවන මෙම තරගාවලියට විරේන් හැරෙන්නට තවත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩකයින් සිව් දෙනෙකු තරග වඳිනවා.
මෙවැනි තරගාවලියක ප්‍රධාන තරග සැළසුමේ තරග වැදීම දුෂ්කර කාර්යයක් වන බැවින්,විරේන්ට උදා වූ මොහොත ඔහුට පමණක් නොව ශ්‍රී ලංකාවටම දුර්ලභ අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.ඔහු ප්‍රධාන තරග සැළසුමේ පළමු තරගයට මුහුණ දෙන්නේ සුදුසුකම් ලැබීමේ වටයෙන් ජය ලබා ප්‍රධාන තරග සැළසුමට ඇතුළත් වන ක්‍රීඩකයෙකුටයි.


මෙම සුදුසුකම් ලැබීමේ වටයට තරග වැද,තරග දෙකක් ජය ගැනීමට හැකි වුණොත්,තවත් දක්ෂ ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩකයෙකු වන රසිඳු හෙන්දහේවාට ද මෙහි ප්‍රධාන තරග සැළසුමේ තරග වැදීමේ අවස්ථාව තිබෙනවා.ඔලිම්පික් තරගාවලියට සහභාගි වන වසරේ දී විශාල වියදමක් දරමින් විරේන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සෑහෙන අනුග්‍රාහක මුදලක් වැය කරමින් සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය තරග සඳහා යොමු කරනු ලැබුවා.එහෙත් ඔලිම්පික් නියෝජනයෙන් පසුව ඔහු රැක ගැනීම සඳහා සැළසුමක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ.


නැවත 2027 අග භාගයේදී පමණ විරේන් වෙනුවෙන් මහන්සි වීමට වඩා පහසුවෙන් දැන් සිටම එම ඔලිම්පික් සම්පත රැක ගන්නට සහ ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන් රඳවා ගන්නට ජාතික සැළසුමක් සකස් කර විරේන් වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කළ හැකිනම් එය ඔහුටද රටට ද පහසුවක් වෙනු ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...