පළමු එක්දින තරගයෙන් පකිස්තානයට පහසු ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 25 (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පකිස්තානු සංචාරයේ පළමු එක්දින තරගයෙන් පකිස්තානු ඒ කණ්ඩායමට ලකුණු 108 ක ජයක් හිමි වුණා.කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පකිස්තානයට පන්දුවට පහර දීමට ඇරයුම් කළා.එහිදී සිව්වන කඩුල්ලට හයිදර් අලි (108) සහ අබ්දූල් සමාඩ් (56) ලකුණු 120 ක සබඳතාවක් ගොඩ නංවන්නට සමත් වුණා.ඉනික්බිති පන්දු 42 දී හයිදර් සමඟ එක්ව ලකුණු 52 ක සබඳතාවක් ඇති කළ මොහොමඩ් හාරිස් ලකුණු 36 න් පකිස්තාන ඉණිම වේගවත් කරන්නටත්,ලකුණු 300 සීමාවට සමීප කරන්නටත් විශාල දායකත්වයක් ලබා දුන්නා.ඒ අනුව පන්දු ඕවර් 50 නිමා වන විට පකිස්තානු ඒ කණ්ඩායමට කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබා ගන්නට හැකියාව ලැබුණා.


පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග ලකුණු 61 ට කඩුලු 3 ක් දවා ගත් අතර චමිදු වික්‍රමසිංහ ලකුණු 52 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ගෙවුණු ආසියානු නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේදී කැපී පෙණුන දුශාන් හේමන්තට සාර්ථක වන්නට පකිස්තානය ඉඩ ලබා දුන්නේ නැහැ.ඔහුගේ පන්දු ඕවර් 9 න් තුළ කිසිඳු කඩුල්ලක් ලබා නොදුන් පකිස්තානු පිතිකරුවන් ලකුණු 67 ක් උඳුරා ගත්තා.


ලකුණු 307 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට සාර්ථක වන්නට පකිස්තානු පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුණේ නැහැ.හතළිස්වන ඕවරයේ හතරවන පන්දුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියා.ලකුණු පූවරුව 198 ක් ව සටහන් වුණා.
ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ චමිඳු වික්‍රමසිංහ පන්දු 38 න් හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 47 ක් ලබා ගන්නට සමත් වුණා.සොනාල් දිනූෂ යළිත් ලකුණු අතරට එමින් ලකුණු 38 ක් ලබා ගන්නට සමත් වුණා.සහන් ආරච්චිගේ ද ලකුණු 35 න් දායකත්වය ලබා දුන්නා.චමිදු වික්‍රමසිංහ පන්දු යැවිමෙන් මෙන්ම පන්දුවට පහර දීමෙන්ද තුන් ඉරියව් දස්කම් දැක්වීම ශ්‍රී ලංකාවේ පරාජය අතර දකින්නට ලැබුණු සතුටු විය හැකි එකම කරුණ බවට පත් වුණා.


පකිස්තානය වෙනුවෙන් සරූන් සිරාජ් ලකුණු 21 ට කඩුලු 3 ක් ලබමින් කැපී පෙණුන අතර තරගයේ සමස්ත ලකුණු සටහනට පහති් පිවිසිය හැකියි.
https://es.pn/4i29Dui

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...