අධ්‍යාපනයේ පුළුල් වෙනසක් ඉදිරියේදී – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ , උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇති බවයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා පැවසීය .

තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ , අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...