අධ්‍යාපනයේ පුළුල් වෙනසක් ඉදිරියේදී – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ , උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇති බවයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා පැවසීය .

තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ , අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...