උතුරේ සටන්කාමීන් නැවත හිස ඔසවයිද ?

Date:

ෆෙඩ්‍රික් නීට්ෂට අනුව ඉතිහාසයේ මහා මහජන නැගිටීම් ඇතුලේ ඉඳලා තියෙන්නේ දෘඩ එක මිනිහෙක් විතරයි.. ජනතාව කියන්නෙ අර දෘඩ එක මිනිහට මෝහනයවෙලා ඒත් එක්ක ගිය පන තියෙන හෙවනැලි ගොඩක් විතරයි..

මම හිතන්නේ මේ කතාව ඇත්ත.. මොකද ලෝකෙ හැම තැනකම මහා නැගිටීම් වල නියමුවා විදියට හිටපු මහා පෞර්ෂය නැතිවෙලා ගියාට පස්සෙ ඒ ව්‍යාපාර හිතපු නැති විදියට නන්නත්තාර වෙලා ගියා…

කාල් මාක්ස් කියනවා ඉතිහාසයේ ඓතිහාසික චරිත හැමදාම පහල වෙන්නෙ නෑ කියලා.. ඒවා පහලවෙන්නේ ඓතිහාසික තත්වයන්වල ඵලයක් විදියට කියලත් මාක්ස් කියනවා..

දැන් උතුරේ ඓතිහාසික චරිත පොලොව උඩ නෑ.. ඒ චරිත දැන් තියෙන්නේ පොලොව යට.. උතුරේ හිටපු එල්.ටී.ටී.ඊ. නොවන ඓතිහාසික චරිත වලට ප්‍රබාකරන් වැඩේ දුන්නා.. උතුරේ හිටපු එල්.ටී.ටී.ඊ. ඓතිහාසික චරිතවලට දකුණෙන් ගිහින් වැඩේ දුන්නා..

දැන් උතුරේ තියෙන්නේ මැරුණ ප්‍රබාකරන්ට තාමත් මෝහනය වෙලා ඉන්න මිනිස් හෙවනැලි ආවේගයෙන් දඟලන වෛශයිකයක්..

ආයේ කාලයක් යනකම් උතුරේ තියෙන්නේ පහන් පත්තු කෙරිලියි, වැළපිලියි, පලිගැහිලියි විතරයි. බයවෙන්න එපා ආයේ උන් දැන්ම නැගිටින්නේ නෑ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...