ට්‍රම්ප්ගේ නව කැබිනට්ටුවට බෝම්බ තර්ජන

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නව කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක, නිවාස, කෘෂිකර්ම සහ කම්කරු ඇතුළු විවිධ දෙපාර්තමේන්තු වලට නායකත්වය දීමට තෝරාගනු ලැබූ නව දෙනෙකුට එරෙහිව බෝම්බ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස ට්‍රම්ප් නම් කර ඇති නිව් යෝර්ක් රිපබ්ලිකන් පාක්ෂික එලිස් ස්ටෙෆනික්, ආරක්ෂක ලේකම් අපේක්ෂක පීට් හෙග්සෙත්, පරිසර ආරක්ෂණ ඒජන්සියේ පරිපාලක වීමට නම් කර ඇති ලී සෙල්ඩින් ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නායකත්වය දීමට තෝරා ගත් බෲක් රෝලින්ස්, ට්‍රම්ප්ගේ නිවාස දෙපාර්තමේන්තුව සඳහා තෝරා ගත් ස්කොට් ටර්නර් සහ කම්කරු ලේකම් සඳහා ඔහු තෝරා ගත් ලෝරි චාවේස්, ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් මෙන්ම නව නීතිපති වශයෙන් නම් කළ මැට් ගේට්ස්, CIA හි අධ්‍යක්ෂවරයා වීමට ට්‍රම්ප් විසින් නම් කරන ලද ජෝන් රැට්ක්ලිෆ්ට එරෙහිව මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර තිබුණේ, මෙම සිදුවීම් පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇති බවත්, නාමිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...