ලංකාවේ වේගය දකුණු අප්‍රිකාවට ඔරොත්තු නොදෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 28,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයට අයහපත් කාලගුණයෙන් එල්ල වූ බාධා නිසා පළමු දිනයේ තරගය අතර මැද දී නවතා දමන්නට සිඳු වුණා.එහෙත් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය විසින් දකුණු අප්‍රිකානු කඩුලු 4 ක් බිඳ දමා තිබුණා.


අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු යුගලය කඩුලු දවා ගැනීම අරඹමින් හොඳ ආරම්භයක් ලබා ගත් අතර ඉනික්බිති ලහිරු කුමාර කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.ඒ අනුව තරගය වැසි මැද නවත්වන විට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිව් දෙනෙකුගේම කඩුලු ලකුණු 80 ට අහිමිව ගොස් තිබිණ.


අසිත සහ විශ්ව ලකුණු ලබා ගැනීමට ද කිසිඳු ඉඩක් නොදෙමින් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ අතර ලහිරු කඩුලු ලබා ගත්තද යවන ලද පන්දු ඕවර් 4 සඳහා ලකුණු 35 ක් ලබා දී තිබිණි.නායක ටෙම්බා බවුමා ලකුණු 28 ක් ලබා නොදැවී කඩුල්ලේ සිට දකුණු අප්‍රිකානු ඉණිම ගොඩ නැඟීම සඳහා වෙහෙස දරමින් සිටියි.
ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය. https://es.pn/4i2hRTj

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...