යාපනය, කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ (LNW):

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. යාපනය, කොළඹ වැනි නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු ගුණාත්මක දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතියි.

සාමාන්‍යයෙන් වායු දර්ශක අගය 50ට අඩුවෙන් පැවතිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නමුත් යාපනය දිස්ත්‍රික්කයේ වායුගුණ තත්ත්ව දර්ශක අගය පවතින්නේ 130ක් ලෙසින් ය. කොළඹ නගරයේ වායුගුණ තත්ත්ව දර්ශක අගය 120 ක් ලෙස සටහන් වෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ජනතාවට දැනුම් දෙන්නේ, මෙම තත්ත්වය හමුවේ ස්වසන අපහසුතා පවතීනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...