එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට චීන ජනපතිගේ අවධානය

Date:

කොළඹ LNW:‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා. ඒ ඊයේ(02) බෙයිජිං හි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පිළිබඳ සිව් වන රැස්වීමේ දී.

වත්මන් දැඩි හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය යටතේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීමේදී අවස්ථා මෙන්ම අභියෝග ද පවතින නමුත්, සමස්තයක් වශයෙන් අභියෝගවලට වඩා අවස්ථාවන් වැඩි බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

2013 වසරේ දී ඇරඹි ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය මෙන්ම විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වුණා. එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් අතර සහයෝගීතා ක්ෂේත්‍ර අඛණ්ඩව පුළුල් වී එහි ජාත්‍යන්තර බලපෑම ද අද වනවිට ක්‍රමයෙන් ශක්තිමත් වී ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා. මේ ඔස්සේ විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගෙන තිබෙන අතර ඊට සම්බන්ධ රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ දායකත්වයක් ලබා දී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ඒකපාර්ශ්වවාදය සහ ආරක්ෂණවාදය සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතින වත්මන් ගෝලීය පසුබිම තුළ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ශක්තිමත් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද තැන තැන වැසි – කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : අද (14) දිනයේ...

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...