ඇමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුළු දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලු,භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් අතර සුවිශේෂී සාකච්ඡාවක් ඊයේ (දෙසැම්බර් 06) කොළඹ දී පැවැත්වී තිබේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයේ අවදානය යොමුව ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට USAID ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, විර්සා පර්කින්ස් (ඩොනල්ඩ් ලූ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා), USIAD ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ Gabriel Grau Asta Zinbo, USAID තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් යනාදීන් එක්ව සිටියහ.

එසේම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදින්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ එස්. එම්. මරික්කාර් යනාදීන් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...