සජබ ජාතික ලැයිස්තුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට !

Date:

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වනවිට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති බව ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ද සහිතව නම් 04ක් තෝරාගෙන ඇති බව සඳහන්.

ඒ අතරට මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න යන හිටපු මන්ත්‍රීවරුන් ඇතුළත් වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනෙක් මන්ත්‍රීවරයා වශයෙන් පත්කිරීමට විපක්ෂ නායකවරයාගේ වැඩි කැමැත්ත පළ වී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නීතීඥ රවී ජයවර්ධන මහතා කෙරෙහි බවත් ආරංචිමාර්ග පැවසීය.

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...