*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

කෘෂි වගා බිම් පාලු කරන රිලා හානිය මර්ධනයට මහනුවර දිස්ත්‍රික්කයෙන් මූලික පියවර!

කොළඹ LNW:රිලවුන්ගෙන් වගාබිම්වලට සිදුවන හානිය වැළැක්වීම සඳහා අදියර කිහිපයක් යටතේ පියවර ගැනීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඒකමතිකව තීරණය විය.

එහි පළමු අදියර යටතේ ගොවි සංවිධාන මගින් මූලික තොරතුරු ලබා ගනිමින් රිලවුන් පන්නා දැමීමේ ක්‍රියාවලිය සිදුකරන බව එම කමිටුවේ සභාපති, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (11) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සතුන්ගෙන් වගාවට සිදුවන හානිය පිළිබදව සාකච්ඡා කරමිනි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මහනුවර දිස්ත්‍රික්කයේ 1555ක් වූ ගොවි සංවිධාන මගින් අදාල කටයුතු දියත් කරන ලෙස අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් අනූෂා දේවප්‍රිය මහත්මියට එහිදී උපදෙස් දුන්නේය.

දීර්ඝ කාලීන විසදුම් කරා යොමුවීමේදී වගා හානි සිදුවීම තව දුරටත් ඉහළ යන බැවින් වැඩිම පීඩාවට පත්වන ගොවියන්, ගම්වාසීන්ගෙන් සමන්විත ගොවි සංවිධාන මගින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් පත් කොටගොවියන්ගේ ඉල්ලීම් කඩිනමින් රජය වෙත ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.

සතුන් පළවා හැරීම සඳහා මිනිසුන් යොදන ක්‍රියාමාර්ගවලට රිලවුන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම හා අනුවර්ථනය මගින් ඔවුන් තවත් හානි සිදු කිරීම නිසා විද්වත් කණ්ඩායමක් මගින් තව දුරටත් විසදුම් ලබා ගන්නා බවයි අමාතයවරයා පැවසුවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහචාර්ය අශෝක දංගොල්ල මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර රිලවුන් නිරන්තරයෙන් මිනිස් ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිචාර දක්වන බැවින් රිලවියන් සඳහා ලූපයක් පැළඳවීම මගින් එහි ගහණය බොහෝ දුරට පාලනය කර ගත හැකි යැයි කීවේය.

විවිධ රටවල් විවිධ උපක්‍රම භාවිතා කරන බව පෙන්වා දුන් ඒ මහතා රිලවුන් කොටියන් වැනි සතුන්ට බිය දක්වන බැවින් ඔවුන්ගේ අසූචි ගන්ධයක් සහිත ද්‍රාවණ ඉසීම මගින් රිලවුන් පළවා හැරීම කෙටි කාලීනව සිදු කළ හැකි යැයි පෙන්වා දුන්නේය.

රිලවුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා රැස් කරන ගොවි සංවිධානවල ප්‍රගතිය මාසයක් තුළදී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දෙන ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුලු මහජන නියෝජිතයන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan