කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොරුපන දෙසට ධාවනය වූ ලොරි රථයක්, බොරුපන යකඩ පාලම අසලදී ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


