ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බොරුපන දෙසට ධාවනය වූ ලොරි රථයක්, බොරුපන යකඩ පාලම අසලදී ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...