ඇමති ලාල්කාන්ත හඬා වැටෙයි ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝක ප්‍රකට ගත්කතුවර චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද “ගුරු ගීතය” චිත්‍රපට හැඟීම්බර අවස්ථා රැසකින් සමන්විත බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පටන් ගත්ත වෙලේ ඉඳලා දහ පාරක් විතර ඇඬුවා. හැඟීම්බර අවස්ථා ගොඩයි. හිතාගන්න බැරි දර්ශන තිබුණා. ඇත්තටම අර හිතේ තිබුණු දර්ශනත් එක්ක සම්බන්ධ වෙච්ච තැනුත් තිබුණා. හැබැයි පොතේ තිබුණෙ මහ විශාල පොප්ලර් ගස් දෙකක්. මට ඒක මැවෙන්නෙ ගොඩාක් උසට. මේකෙ ඒක ටිකක් වෙනස්. පොත බාධා කළා චිත්‍රපටිය රස විඳින්න හැම තිස්සෙම. අවසානයෙදි හිතුණේ පොත නොබලා හිටියා නම් ලස්සන චිත්‍රපටියක් බැලුවා කියලා. ඒක තමයි ඇතිවුණේ. ඒ වුණාට ලස්සනයි, සුන්දරයි. හිතපු නැති තැනකින් චිත්‍රපටිය ඉවර වුණේ. තව යයි කියලා හිතුණා. ඇත්තටම හැඟීම්බර, සුන්දර අත්දැකීමක් වින්දා”

ප්‍රශ්නය – චිත්‍රපටිය නිර්මාණය වුණු සහ ප්‍රදර්ශනය වුණු කාලයත් එක්ක වර්තමානයේ ප්‍රදර්ශනය වීමෙන් නිර්මාණාත්මක පැත්තට යම්කිසි අසාධාරණයක් සිද්ධ වුනා කියලා හිතුණාද ?

“ඇත්තටම මට ඒ ගැන ලොකූ අදහසක් කියන්න බෑ, මොකද මම අඬ අඬා නෙ හිටියෙ. නිෂ්පාදනය කරලා ගොඩක් කල්. හැබැයි මේක තව අවුරුදු 20ක් ගිහිල්ලා බැලුවත් මේකට බාධාවක් වෙන්නෙ නෑ කියලා මම හිතන්නෙ”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ “ගුරු ගීතය – Let Me Fly” චිත්‍රපටියේ මංගල දර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම චිත්‍රපටිය උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...