රිය අනතුරක්, අයෙක් මිය ගොස් 05ක් රෝහලට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW):

අද අලුයම 5.15ට පමණ, ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. ඒ, අනුරාධපුර පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ දී බව වාර්තා වේ.

අනුරාධපුර සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ තඹුත්තේගම සිට අනුරාධපුරය දෙසට ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර,අනතුරෙන් මාර්ගය දෙපස ඇති වෙළෙඳසැල් කිහිපයකට ද හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථ දෙකෙහිම තිදෙනා බැගින් සිට ඇති අතර ඒ අනුව එක් අයෙකු මියගොස් පස් දෙනෙකු අනතුරෙන් තුවාල ලබ ඇත. තුවාල ලැබූවන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. අනතුරෙන් ලොරි රථ දෙකටම දැඩි අලාභ හානි සිදුව තිබෙන බවත්, අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...