රිය අනතුරක්, අයෙක් මිය ගොස් 05ක් රෝහලට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW):

අද අලුයම 5.15ට පමණ, ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. ඒ, අනුරාධපුර පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ දී බව වාර්තා වේ.

අනුරාධපුර සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ තඹුත්තේගම සිට අනුරාධපුරය දෙසට ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර,අනතුරෙන් මාර්ගය දෙපස ඇති වෙළෙඳසැල් කිහිපයකට ද හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථ දෙකෙහිම තිදෙනා බැගින් සිට ඇති අතර ඒ අනුව එක් අයෙකු මියගොස් පස් දෙනෙකු අනතුරෙන් තුවාල ලබ ඇත. තුවාල ලැබූවන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. අනතුරෙන් ලොරි රථ දෙකටම දැඩි අලාභ හානි සිදුව තිබෙන බවත්, අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...