මෙරට වැවිලි කර්මාන්තයට මැලේසියාවේ සහය!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ වැවිලි කර්මාන්තයේ හා රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මැලේසියාවේ සහය ලබා දීමට මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් අදම් මහතා එකඟතාව පළකර තිබේ.

ඒ, ඊයේ (13) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ මෙරට මැලේසියානු මහකොමසාරිස්වරයා අතර පැවති සාකච්ජාවේදීය.

එම සාකච්ජාව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පවත්වා තිබුණි.

ශ්‍රි ලංකාවේ සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව ද මහකොමසාරිස්වරයා සිය ඇඟයිම පළකර තිබෙන අතර දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහා අවශ්‍ය කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි සහය ලබාදිමට කටයුතු කරන බවත් අවධාරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...