මරණීය දණ්ඩනය දක්වා විහිදෙන “හිජාබය”

0
539
In this photograph taken on May 28, 2022, an Afghan female presenter with news network 1TV, Lima Spesaly prepares to cover her face by a veil before a life broadcast at the 1TV channel station in Kabul. - After initially defying the Taliban order to cover their faces on air, Afghan women television presenters are broadcasting news and other programmes wearing masks. Spesaly, said it was difficult to work like this for hours but vowed to fight for her rights and of other Afghan women that are being increasingly crushed by the hardline Islamist rulers. (Photo by Wakil KOHSAR / AFP)

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW):

කාන්තාවන් හිජාබ් භාවිතය සම්බන්ධයෙන් ඉරාන රජය නව නීති පනවා තිබෙන අතර, නව නීති අනුව හිජාබ් සම්බන්ධ ඇතැම් වැරදි සඳහා මරණීය දණ්ඩනය පවා නියම කළ හැකි බවද වාර්තා වේ.

ඉරානයේ ගාඩියන් කවුන්සිලය පසුගිය ඔක්තෝබර් මාසයේ දී හිජාබ් සම්බන්ධයෙන් නව නීති අනුමත කරන ලද අතර දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කිරීම සඳහා රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

බලධාරීන් සඳහන් කරන්නේ ඉස්ලාමීය ජන රජයේ පාරිශුද්ධත්වය හා හිජාබ් සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම මගින් පවුල් සංස්ථාවට සහයෝගය දැක්වීම සඳහා නව නීති හදුන්වා දුන් බවයි .නව නීති හරහා හිජාබ් සම්බන්ධ වැරදි සඳහා දඩ පැනවීම ,වෙඩි තැබීම, පහරදීම සහ ඒවාට අනුගත නොවන කාන්තාවන් හා ඔවුන්ගේ පාර්ශ්වකරුවන් සිරගත කිරීම සිදුකළ හැකි වේ.

ජගත් සංවිධානය ඉරානයෙන් ඉල්ලා තිබෙන්නේ, කෙසේ වුවද හිජාබ් සම්බන්ධයෙන් පනවා ඇති නව නීති අවලංගු කරන ලෙසයි . ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ, හිජාබ් නීති උල්ලංඝනය කරන්නන්ට වසර 15ක් දක්වා සිර දඬුවම් හා දඩ මුදල් ඉහළ දැමීමට හැකියාව පවතින අතර මරණ දණ්ඩනය පැනවීම සඳහා විනිසුරුවරුන්ට හැකියාව හිමිවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි .