ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සැකසීම ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමක් කර ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 15 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත සංගමයක් වන ජනසතු සේවා ක්‍රිකට් සංගමයට අයත් ක්‍රීඩාංගණය නවීකරණය කරමින් එය ක්‍රීඩා සංකීරණයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය රටපුරා ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස NSCA ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාංගණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමට මුල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් විය.


එය විවෘත කිරීමේ උත්සවය සදහා ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් අපොන්සුගේ සහ ලේකම් උදය ඉමල්ෂගේ සහ විධායක කමිටුවේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා එක් වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගෞරවනීය උප සභාපති රවීන් වික්‍රමරත්න, ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, සහ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි ඇතුළු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද ප්‍රධානත්වයෙන් එම උත්සව අවස්ථාව ක්‍රියාත්මක විණි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...