නමට ඉදිරියෙන් ආචාර්ය පදවිය ආවේ කොහොමද හොයන්න අධිකරණ ඇමතිගෙන් CID වෙත පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ තමන්ගේ නම සඳහන් කරන විට නමට ඉදිරියෙන් ආචාර්ය යන්න යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම පැමිණිල්ල කිසිලෙසකින්වත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුකරන්නක් නොවන අතර සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සොයා බැලීම අපේක්ෂා කරන අතර වරදක් සිදුව ඇත්නම් සුදුසු පියවරක් ගන්නා ලෙසද පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

තමන්ගේ පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වරදවා සටහන් කර තිබුණ නම නිවැරදි කර තමන්ට සිදුවූ අපහසුතාව ගැන කණගාටුව ප්‍රකාශ කර තිබෙන නමුත් පසුගිය දින කිහිපය තුළ ඒ හේතුවෙන් තමන්ගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ විශ්වසනීයත්වය කඩ වන ආකාරයේ බරපතල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගිය බවද අමාත්‍යවරයා පවසන ලදී.

ඒ අනුව තමන්ගේ පෞද්ගලික කීර්ති නාමයට සිදුවූ හානිය මෙන්ම ඇතිවූ මානසික පීඩනය අදාළ කරගනිමින් අලාභය අයකරගැනීම වෙනුවෙන් සිවිල් නඩුකරයක් පැවරීම ගැනද සොයා බලන ලෙස සිය නීතිඥ කණ්ඩායමට උපදෙස් දී ඇති බවද නානායක්කාර මහතා කියාසිටියේය.

”ජාතික ජන බලවේගය කියන්නේ අවංක පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්. මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ මොනවද තිබුණ ප්‍රශ්න? ඇහුව ප්‍රශ්න මොනවද?මෙයා කුඩු විකුණනවද නැද්ද? ඔය පාර්ලිමේන්තුවේ හිටියා මිනී මරලා දවස් පහකට පස්සේ මන්ත්‍රී වුණ අය. ඔය පාර්ලිමේන්තුවේ හිටියා කප්පම් ගත්තු අය රාජ්‍ය ඇමතිලා වෙලා. අද ඒ පර්ලිමෙන්තුවේ බාර් පර්මිට් ගැන හෝ කාර් පර්මිට් ගැන අහන්නේ නැහැ. අද අධ්‍යාපන සුදුසුකම් ගැන අහනවා. මෙන්න මේකම හිතවතුනි ජයග්‍රහණයක්. මේක තමයි අපේ රජය යටතේ ලබා තිබෙන ප්‍රගතිය. දැන් අහන්නේ අධ්‍යාපනිකව මෙයා මෙතන ඉන්න සුදුසුද නැද්ද කියල. ඉස්සර ඇහුවේ කුඩු වික්කද කසිප්පු වික්කද නැද්ද කියල. හොරකම් කරාද නැද්ද කියල. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තත් විශාල ප්‍රගතියක්. අපි ජාතික ජන බලවේගය අපි සතුටු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය මේ තරමට ඔසවා තැබීමට හැකිවීම ගැන.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...