රනිල් අභිබවා අනුර ණය අරන්ද?

කොළඹ LNW:වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මෙම මාසය අවසානය දක්වා ගැනීමට හැකි සමස්ත ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

2024 ඇස්තමේන්තුවට අනුව දළ මූල්‍ය අවශ්‍යතාව සඳහා ආණ්ඩුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3670ක් ක් ලෙසයි දැක්වෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වික්‍රමසිංහ පාලනය විසින් රුපියල් බිලියන 1903ක් ලබාගෙන ඇති අතර ඒ අනුව වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1766ක මුදලක් ණයට ගැනීමේ හැකියාව තිබේ.

එහෙත් මෙම කාලසීමාව සඳහා ණය ඇස්තමේන්තු යළි සලකා බැලීමේදී ගතයුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1612ක් බවට අනාවරණය වී ඇත.

නමුත් ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය තුළ සමස්ත දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371කින් පමණක් වන අතර මෙම මාසයේදී තවත් රුපියල් බිලියන 659ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.

තත්ත්වය මෙසේ වන විට පසුගිය දිනවලදී විපක්ෂයේ කණ්ඩායම විසින් ආණ්ඩුවට චෝදනා එල්ල කළේ ඔවුන් අධික ණය මුදලක් ලබා ගෙන ඇති බවටයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...