බංගලාදේශ කිරුළ ගත් විරෙන් සමඟ ලංකාවෙ 17 ක් අද නේපාල තරග බිමට

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 23 ,(LNW)කොළඹ :

අද සිට දෙසැම්බර් 26 වන දා දක්වා නේපාලයේ ට්‍රිපුරේස්වර් හී දී ආරම්භ වන Nepal International Challenge 2024 දී මීට දින කිහිපයකට පෙර බංගලාදේශයේ පැවති ජාත්‍යන්තර තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ තරග බිමට පිවිසෙනවා.එසේම එම තරගාවලියේ කාන්තා යුගල අංශයේ තෙවන තැනට පත් ලාබාල ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ත් මේ තරගාවලියේ කාන්තා යුගල අංශය නියෝජනය කරනවා.


නේපාල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ 17 දෙනෙකු වෙනුවෙන් අවස්ථාව දීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අනුමැතිය ලබා දීම මෑතකාලීන වැදගත් පියවරක් ලෙස ගත හැකියි.මේ නිසා ජාත්‍යන්තර තරග පිටියේ පවතින් තරගකාරී තත්ත්වයන් සමග ගැලපෙමින්,සහ ඊට හුරුවෙමින් ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා පෝෂණය කර ගන්නට අවස්ථාව ලැබෙනවා.ඇතැම් විට වඩා පහසුවෙන් ජයග්‍රහණ කරා යා හැකි තරගාවලි සොයා අත්දැකීම් සමඟම මූල්‍යමය වශයෙන් යම් මුදලක් උපයාගත හැකි තත්ත්වයන් ද නිර්මාණය කර ගැනීමට හැකි බුද්ධියකින් කටයුතු කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටිනවා.


කාන්තා යුගල අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් තරග වඳින හසිනි අම්බලංගොඩ සහ හසාරා විජේරත්නත් පසුගිය දිනවල අප්‍රිකානු මහද්වීපයේ පැවති තරගාවලි තුඝ කැලී පෙනෙන දක්ෂතා පෙන් වූ ඉතා වේගයෙන් කාන්තා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ආ කාන්තා යුගලයක් වෙනවා.ඉසුරි – සිතුමි සහ හසිනි – හසාරා දෙදෙනාට අමතරව මෙම තරගාවලියේ කාන්තා යුගල අංශයට ශ්‍රී ලංකාවේ ජනනුවනි අමන්දා සහ නිලාසි බාලසූරිය ද එක්වීමට නියමිතව සිටිනවා.


විරෙන්ට අමතරව ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම ද මෙම තරගාවලියේ ප්‍රධාන තරග සැළසුමේ පිරිමි ඒකල අංශයේ තරගකරුවන් අතර දකින්නට ලැබෙනවා.එසේම ප්‍රධාන තරගකරුවන් 32 අතරට එකතුවීම සඳහා සුදුසුකම් ලැබීමේ වටය නියෝජනය කරන්නට ඉදිරිපත්වන තරගකරුවන් අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ නම් තුනක් දකින්නට ලැබෙනවා.ආශිංසන හේරත්,තිළිණ රාජකරුනා සහ සෙනුක් සමරරත්න එම තිදෙනායි.


කාන්තා කේවල තරගවලදී ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ තරග වඳිනවා.පිරිමි යුගල අංශයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පස් දෙනෙක් තරග වඳිනවා.දිනුර රශ්මික සහ සියත් සේනාරත්නත්,ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුත් ඒ අතර වෙනවා.ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම යුගල අංශයේදී සිය සහයකයා ලෙස නේපාලයේ ප්‍රින්ස් දාල් තෝරාගෙන තිබෙනවා.මිශ්‍ර යුගල තරග අංශයේදී පංචලි අධිකාරි සමඟ තුසිත් පල්ලියගුරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට එක් වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...