නවසීලන්තය දෙවන තරගයත් ජය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 31 ,(LNW)කොළඹ :

නවසීලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයද ලකුණු 41 න් පරාජය වෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිඳු වුණා.මවුන්ට් මවුන්ගුනයි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේදී ද කාසියේ වාසිය ලැබ චරිත් අසලංක පළමු තරගයේදී මෙන්ම පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.පළමු තරගයට වඩා සැළසුමක් සහිතව මෙම තරගයේදි හැසිරුණ නවසීලන්තය පළමු කඩුල්ල ලකුණු 13 දී අහිමි කර ගත්ත ද,තරගයට ඉක්මණින් පිවිසුණා.එහෙත් අතර මැද යම් පාලනයකට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණත්,තරගයේ අවසාන භාගයේ පන්දු 19 න් ලකුණු 41 ක් ලබා ගත් නවසීලන්ත කඩුලු රකින්නා,මිචෙල් හේ නවසීලන්ත ජයග්‍රහණයේ වීරයා වීමට ඇවැසි සුදුසුකම් සපුරා ගත්තා.


මිචෙල් හේ ට අමතරව මාර්ක් චැප්මන් (42) සහ ටිම් රොබින්සන් (41) ද නවසීලන්ත ලකුණු පූවරුය ඉහළ දැමීමට බෙහෙවින් දායක වූවෝ වූහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 28 ට කඩුලු 2 ක් දවා ගත් අතර නුවන් තුෂාර මේ තරගයේදී ද ප්‍රතිවාදී පිතිකරුවන්ට පන්දු ඕවර් 4 තුළ ලකුණු 25 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගන්නට සමත් විය.


ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉණිම සැළසුම් සහගත එකක් නොවිණ.පළමු කඩුල්ලට ලකුණු 32 ක් එක් වුව ද සමස්ත ඉණිම ගත් විට පන්දුවට පහර දුන් පිතිකරුවන් සිව් දෙනෙක් හැරෙන්න අන් සියලු දෙනාගෙන් වාර්තා වූයේ එක ඉලක්කමක ලකුණු පමණි.කුසල් ජනිත් ලකුණු 48 ක් ද,පැතුම් නිශ්ශංක ලකුණු 37 ක් ද ලබා ගන්නට සමත් විය.පළමු තරගයේදී මෙන්ම ජාකොබ් ඩුබී මේ තරගයේදී ද ශ්‍රී ලංකා ඉණිමේ විනාශකාරයා විය.ඔහු සිය පන්දු වාර 4 තුළ ලකුණු 15 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...